සඳු ද අවදියෙන්
තරු ද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනි වුණ වසන්තයේ
සීතල ඇතිරුණු මිහිලිය ළය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම අද මා තනිවම
පහන් නොදැල්විණි ඔබ පැල්පත තුළ
නිදිමත අඩ නෙතු පිය සනහා
මගේම කඳුලක් මේ පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මත
ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
මේ රැයේ තරු ද, තරුපති ද මා සමගම අවදියෙන් සිටිති. මේ එසේ ගෙවෙන පළමු රැයද නොවේ. නොනවතින වේදනාවෙන් පිරුන තවත් දවසක් මෙලෙස ගෙවී යයි. මම නිදි නොමැතිව බලා ඉඳිමි. කුමුදු මල් (කොඳ) කෙමි පැණියෙන් පිරී පිපිරී යයි. ඒ සීතල ගලාවිත් මිහි තලය වසා ගනිද්දීය. ඔබ සිටියා නම් එහි උණුසුමක් සොයා ගැන්මට හැකි වනු ඇත. නමුත් ඔබ නැත. ඔබ කුඩා නිවසේ පහන් නොදැල්වෙයි. (ඒ ඔබද දුකින් වෙළී සිටින නිසා බව දනිමි). නිදි මත ගලන අඳුර එය වසා සිටියි. බලන්න, මගේ කඳුළු ඔබ උයනේ මල් මත පවා වැටී සිටියි!
වසර දහතුනකට පෙර මේ වේදනාව මෙලෙසම මා වින්දෙමි. නො එන්නට වෙන්ව ගිය සුහදිනිය පිළිබඳ වූ පශ්චත්තාප ඇති සිතින් ගෙවුණු රාත්‍රී බොහෝය. මල්වල සුවඳ, කුරුළු නදෙහි පවා මිහිර නොවිඳින කලක් ද විය. විරහව යනු එවන් අති බලවත් හැඟීමකි. ඇගේ නිවසෙහි මේ වනතුරුත් පහන් නොදැල්වෙයි. (ඒ නිවසේ පහන ඈ වූ බැවිනි ). කුරිරු ලෙස සිඳ දමනු ලැබූ ඒ සබැඳියාවෙන් හිත වූ වණ සුව වීමට වසර ගණනක් ගත් වී ගියේය. වසර පහමාරක සරසවි ජීවිතය පවා එයට ප්‍රමාණවත් නොවීය. අපමණ දයාවක්, සෙනෙහසක් අද මා ලැබූවද, ඉඳ හිට ඒ මතකයන් හොල්මන් කර සිත පෙළයි. මේ අටුවාව ලියන්නට සිත් වූයේ අප බ්ලොග් සහෘදයකුට සිදු වූ, කිසිවෙකුට සිදු නොවිය යුතු වූ සිදුවීමක් දැකීමෙනි. මා ගැන කියන්නට මා අකමැතිය. නමුත් මේ සිදුවීම මා එතරම්ම කළඹාලූයේය.
මේ ගීයේ හඬ අමරසිරි පීරිස් ගෙනි. ඒ මෝහනීය හඬ මේ ගීයේ මිහිර දෙගුණ තෙගුණ කරයි. කේමදාසයන්ගේ සංගීතයද එයටම නොදෙවෙනිය. ගීය පුරා දිවෙන සංගීත ඛණ්ඩ කියා පාන්නේ තනිකමයි. මේ ගීය අසා බලා ගොලු වූ හා ගොලු කල හදවත් වල වේදනාවන් හා ඒකාත්මික වනු ඇතැයි සිතමි.