Showing posts with label කලණි පෙරේරා. Show all posts
Showing posts with label කලණි පෙරේරා. Show all posts

Saturday, May 2, 2009

සිලිං බිලිං

සිලිං බිලිං
කූරු වළලූ - පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ - පියා සලන සූටික්කෝ 
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා

මද්දහනේ හිරු දෙවියෝ - කැඩපතකින් පොරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා

ගේය පද - හේමසිරි ගුණතිලක
සංගීතය - කලණි පෙරේරා
ගායනය - නීලා වික්‍රමසිංහ

බෝනික්කනුත්, කුරුල්ලනුත් අයිති කුඩා දරුවන්ට ය. ලෑලි කෑල්ලෙන් කැපූ බෝනික්කා ගේ සිට ඉලෙක්ට්රොතනික බල මහිමයෙන් සෑදු කතා කරන බෝනික්කන් දක්වා දරුවන් ඔවුන් ට දක්වන ආදරයේ පරලි මාණයෙහි වෙනසක් නොවේ. කුරුල්ලන් ගැන ද එසේම ය. නමුත් දරුවන් ගේ ආශාවන් හි සීමාවන් තීරණය කරන සාධකය බවට අද මුදල් පත් වී තිබේ. පාරම්පරික සමාජ රටාව වෙනස් කරමින් දරුවන් ගේ ලොකයට තොරොම්බල් කාරයා පැමිණෙයි. ඒ පාට පාට මාල, වළලූ සහ අරුමෝසම් පිරුණු හීන පොකුරක් ද සමග ය. ඇඳුමේ ඉරුණු තැන් වහන්නට ආය කටුවක් නැති ඔවුහු කතා කරන බෝනික්කන් හා පියා සලන සූටික්කන් කාසි වලට මාරු වන ලොවෙහි තනි වෙති. අයිති කර ගන්නට ආසා මුත් එයට මුදල් ඔවුන් සතුව නැත. එසේ ම මෙම සමාජ කරඉර මය තුළ කඳුළු වල වටිනාකමක් ද නැත. එම සමාජ සන්දර්භය තුළ පුංචි එවුන් ගේ බෝනික්කන් නමැති හීනය කඳුළු වල බොඳවී යයි. පාරම්පරික ලද දෙයින් තුටු වන සමාජ කරළ පමය දිය කර හරින වත්මන් ආර්ථික දර්ශනය තුළ දරුවන් ගේ හීන බිඳ වැටෙන අන්දම අපේ ඇස් හරින අයුරින් මෙම ගීතය තුළින් කියා පායි.