මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී
ගායනය: සුජාතා අත්තනායක හා එච්. ආර්. ජෝතිපාල
සිනමා පටය: මිනිසුන් අතර මිනිසෙක්
රඟපෑම: ගාමිණී ෆොන්සේකා හා වීණා ජයකොඩි
ආසියාතිකයෝ ස්වභාවයෙන්ම කුඩා මිනිසුන් වෙති. එනිසා ආසියානු ගායකයෙක්ට රළු කටහඬක් හිමි වනුයේ කලාතුරකිනි. අමරදේව, කසුන් කල්හාර හා අමරසිරි පීරිස් ඉතාම කුඩා දේහ ඇත්තෝ වෙති. නමුත් අප ජාතියේ පිනට අපට අසල්වැසි භාරතයේවත් ගයකයෙකුට නොමැති තරමේ ගැඹුරු කට හඬක් මොවුන් තිදෙනාට හිමිව ඇත. එනමුත් කුඩා ගායකයන් අතර පාංශු දේහධාරි එක් මිනිසෙක් සිටියේය. ඔහු ගයන විට ගුවන් විදුලි සංස්ථාවේ රිසීවර් යන්ත්‍ර දෙදරුම් කෑවේය. එකල ගුවන් විදුලි සංස්ථාවේ හා චිත්‍රපට වල භාවිත කල හර්ට්ස් 100 - 4000 රාමුව තුල ඔහුගේ කටහඬේ නියම පෞරුෂය පෙනී ගියේ නැත. අපගේ වාසනාවට 70 දශකයේ අග හයි - ෆයි වර්ධක සහිත කැසට් යන්ත්‍ර කරළියට පැමිණියේය. ජෝතිපාලයන් ගේ කටහඬේ නියම පෞරුෂය පෙනෙන්නට ගත්තේ හර්ට්ස් 20 - 20,000 වාදනය කල හැකි කැසට් යන්ත්‍ර පැමිණි පසුය.

සුජාතා අත්තනායක ශිල්පිණිය කරළියට එන්නේද 70 දශකයේ මුල් භාගයේය. උච්ච ස්වර සහිත ගීත ගැයීමට ඇගේ ඇති නිපුණතාවය බොහෝ අයගේ ඇගයීමට ලක් විය. ඇන්ජලීන් ගුණතිලක සමග එකල සිනමාවේ රිදී ස්වරය වූයේ සුජාතාය. මේ අපූරු ද්වයයේ සුසංයෝගය මතක පොත මත සදා සැමරුම් ඇති කල ගීයක් අපට තිළිණ කර ඇත. මේ ගීතය අඩංගු වූයේ ජෝ දේව් ආනන්ද ගේ "මිනිසුන් අතර මිනිසෙක්" සිනමා පටයටයි. සිහිනයක් තුළ ගැයෙන ගීතයක් වන මෙහි නිරූපණය වීණා ජයකොඩි හා ගාමිණී ෆොන්සේකාගෙනි. මෙහි එන රූප පෙළ රැඟුමකි. මෙහි රිද්මය ද "මන්දගාමි පොප්" ලෙස හඳුන්වන ආලිංගන නැටුමට යොදන "තාලයක්" එනම් "බීට්" එකක් වෙයි. ප්‍රේමයෙහි සොඳුරු කඩ ඉමක් මේ ගීතය පුරා නිරූපණය වෙයි.
මගේ මතකයේ ඇත්තේ ඔබ රුව පමණි. එනිසා මගේ ජීවිතයද ඔබගේය. ඈත එපිටින් ඇසෙන පෙම් ගීතය, සීත සඳපානේ කිරි සයුර කලතා සොයන්නේ ඔබයි. ඕලු මානෙල් සීත තුෂාරෙන් වැසී යන්නේ ඔබේ මුහුණ සිහි කරමිනි. ඔබ මා හදේ කවුළුව දොරින් පැමිණි, මට ලංව සිටින්න, මන්ද සීත සුළඟක් ලෙස මේ ඇදී එන්නේ එක්ව සිටින්නට ඈත භවයේ සිට පැතු පැතුම් හෙයිනි.
ජෝතිපාල මියැදී දැන් වසර විස්සක් පමණ වේ. ඔහුගේ අඩුව පුරවන්නට හැකි හඬක් අදට ද ඇතිවී නැත. අමරසිරි හා කසුන් ගයන්නේ ජනප්‍රිය සරල සංගීතය නොවේ. එම සංගීතයට අනුගත ජෝතිපාල වැනි හඬක් අසන්නට අද ද අපි ආසාවෙන් සිටිමු. සුජාතා අත්තනායක ශිල්පිනිය දැන් සැට වැනි වියට පමණ ළංව සිටින්නීය. කුරිරු ත්රස්තවාදීන් විසින් ඇගේ දෙටු පුත් බිලි ගැනීමෙන් අනතුරුව ඇය ගායනට සමු දී සුදු වත සිය වත කර ගත්තාය. ඒ දෛවෝපගත සිද්ධිය වී දැනට වසර 15ක් පමණ වේ. එදා පටන් අපි ඇගේ ගොළු වී ගිය නද අසන්නට බලා සිටිමු. ඈ නැවත ගයාවි දැයි මා දන්නේ නැත. එනිසා ඇය විසින් අපට තිළිණ කල මේ මිණි රැක ගත යුතුය.
70 දශකයේ සිදු කල පර්යේෂණාත්මක ගීතයන් ගේ රසය අදද විඳිමු. මහා සම්ප්රදායයෙන් බැහැරවී ගීත ගැයිය හැකිදැයි බලන්නට කළ මේ ගීත වල සැබෑ රසය අපට දැනෙන්නේ අදය. ඒ අද ඇති නිර්මාණ රික්තය නිසාය. මේ ගීය අසමින්ම අප ඒ මිනිසුන් අතර සිටි ඒ උත්තුංග දේහධාරී සොඳුරු මිනිසාට මල් මිටක් පිදිය යුත්තේ ඒ නිසාමය.

5 comments:
lassana sindhuwak sthuthi.. ekathu karaata
ජෝති ජනප්‍රිය උනේ එයාගෙ මරනින් පස්සෙ.........
එයා ඒ කාලෙ හිටියෙ අද අජිත් මුතුකුමාරණ ඉන්න......තැන
ඔව් ඔය උඩින් තියෙන comment එකේ ඇත්තකුත් තියෙනවා . නමුත් 70 -80 දශකයේ සිනමාවේ තිබුණු ස්වර්ණමය යුගය ජෝතිගේ මරණයත් සමග අභාවයට ගියා. එහෙම බැලුවොත් සිනමාව දිව්වේ ජෝති නිසාද කියලත් හිතෙනවා !!!!
ආ...විෂුවල් එක්කම තියෙන්නෙ..එළ එළ..
මචන් ඉන්දි... ජෝති හා අජිත් අහස පොළව වගේ..
Post a Comment