රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි
සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ
ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ
පාසල් සමයේ වූ අසිරිය අප විඳ ඇත්තෙමු. පාසලෙන් වෙන්වී යන විට දෝරේ ගලා ගිය හැඟුම් සමුදාය ගීතයන්ට කැටි වූ අයුරු දැක ඇත්තෙමු. එලෙස හැඟුම් දෝරේ ගලා යාමෙන් පසු කලෙකදී, ඒ අසිරිමත් පාසල් සමය දෙස මැදහත්ව බලන්නෝ පිරිසක්ද වෙති. ඔවුහු රතු මල් පිපී, බිම වැටි, රතු මල් පලසින් හැඩවූ ගුරු පාර දිගට පියමන් කලේ ඒ අතීතයේදී ය. එනමුත් දැන් කලක් ගතවී ඇත. එදා සෑම දිනක ම ගඳපාන, පේර වැනි පළතුරු තිබුණේය. එනමුත් දැන් අවාරයට මෙන් ඒවා නැත. එනම් ජීවිතයේ සරුසාරතම කාලය වූ ඒ වසත් සමය දැන් නිමා වී ඇත. සුදු පාට ගවුමේ රැලිත් කරදාසි සිරි සිරියත් වැස්සෙන් තෙමූ කලෙක මෙන් නිහඬය. සිතුවම් අඳින්නට හුණු කූරු ගත්තත් ඒවා ගෙවී යනතුරුම ඇඳෙන්නේ බලි රූප පමණි. එය චිත්‍ර ඇඳීමට නොහැකියාව නොව, නිර්මාණශීලීත්වය, හා ජීවිතයේ සතුට නැතිවීමකි. පන්තියේ මිතුරියන් අතර එකල සිටියත් ඔවුන් දැන් නැත. කාලය විසින් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි පවා අමතක කර ඇත.
60 දශකයේ අග භාගයේ ඉන්ද්‍රානි සේනාරත්න ශිල්පිණිය විසින් ගුවන් විදුලියට මේ ගීය ගයා ඇත. මෙහි පිටපත් සොයා ගැනම ඉතා අපහසුය. අන්තර්ජාලය පීරා යන්තමින් සොයා ගත් පිටපත් මේ සමග අමුණමි. අපේ හෙළ සංගීත කෙත පෝෂණය කල මෙවන් සරල් ගීත වා තලයට මුසු වී වියැකී නොයනු වස් ගන්නා සුභාවිත ප්‍රයත්නයක එක් පියවරක් ලෙස මේ සටහන සළකනු මැනවි.

3 comments:
මේක නියම වැඩේ මචන්... දැන් පොරවල් පරණ සිංදු හොයාගෙන එනවා විතරක් නෙමෙයි ... ඒ ගොල්ලෝ ගාව තියන පරණ ඒවා එවනවත් එක්ක... ජයවේවා...මිලිමීටරයක් හරි රසඥතාවය යහපත් වුනොත් නේද ඔබ අපි කරන ඔය කොයි දෙයිනුත්...
ෂා..නියම සින්දුවක්නෙ.......
මගේ මතකයේ හැටියට නම් මෙම ගීතයේ පද පේලි දෙකක් ඉහත සදහන් ආකාරයෙන් ලියවී තිබු බවටයි.
1. සුදු පාට රැලි ගවුම මල් ඉහිරුණු හැටි මට මතකයි
කඩදාසි සිරි සිරිය වැහි දාට තෙත බරිත වේදෝ ?
2.මගේ පංතියේ උන් මානෙල් කොහේදෝ
මොනවා උනාදෝ නොතේරේ
Post a Comment