Showing posts with label නාරද දිසාසේකර. Show all posts
Showing posts with label නාරද දිසාසේකර. Show all posts

Thursday, May 20, 2010

නාරද ඔබට නිවන් සුව!


සිංහල ගීතයේ අමරණීය සිහිවටන රැසක් එක් කළ ගායකයානෙණි, ඔබ 76 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර යයි. නමුත් සදාදරණීය කලාකරුවකු ලෙස ඔබ අප සිත් නම් හැර නොයනු ඇත්තේම ය.

1960 දශකයේ කාර්මික ශිල්පියකු ලෙස ගුවන් විදුලියට එක් වූ ඔබ තුල වූ නිසග කුසලතා හඳුනා ගැනීම වෙනුවෙන් අමරදේවයන්ට අපි තුති පුදමු. ඔහු විසින් තබන ලද විශ්වාසය, මධුර හඬකට පෙරලා අප ගීත කෝකිලාවිය සමග එක්ව, රන් මුතු දූවෙහි ගැයූ "ගලන ගඟකි" ගීය අදද අප සවන් පත් හි රැඳී පවතී. "පිපී පිපී රේනු" නැටූයේ ඔබ හඬටය. මුලු හදින් කළ පෙම දියව ගිය විට ඔබ විසින් ගැයූ ඒ ගීය සමග ඒකාත්මික වූයෙමු. ආදර නිල් දෑස දිහා බලමින් සිටි යුගය සිහිනයක් වූ කල්හි මේ දිය දාය (ලෝකය ) තුල මේ භවයේදී එක් වීමට නොහැකි බව කියූ ඔබ ගී සමග කඳුළු වැල් බෙදා ගත්තෙමු.

ඔබ වෙන්ව යාමෙන් ඇති කල රික්තය මහත්ය. ඔබ තැන ගන්නට යමෙක් නොවීම අප හද දවන කරුණෙකි. එනමුත් ඔබ නාරද ලකුණ අමරණීයව පවතී.

සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!