කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියට
රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
ඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නට
අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට
ඉස්සර විදියට මගෙ අයියට සලකන්නට
නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිට
වෙනස් කමක් කරන්න එපා කවදාවත් මට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියට
රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
ඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නට
අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට
ඉස්සර විදියට මගෙ අයියට සලකන්නට
නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිට
වෙනස් කමක් කරන්න එපා කවදාවත් මට
ගායනය - නිරංජලා සරෝජිනී
ජීවිතයේ විවිධ කාලයන්න්හීදී අපට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. පවුලක් තුල ඇති ස්ථානය ඉන් එකකි. කලින් පවුලක් තුල සිටි වැදගත් පුද්ගලයන් කාලානුරූපීව නොවැදගත් බවට පත් විය හැකිය. මේ සනාතන සත්‍යය, මෙම ගීය තුලින් මනාව විස්තර කර දෙයි.
කොත්තිලාක්කු පහන එනම් පොල්තෙල් පහන පැරණිය. එහි එළිය අඩුය. එය වඩාත් නවීන කුප්පි ලාම්පුවෙන් ආදේශනය වී ඇත. මේ අතර තවත් එළිය වැඩි ලාම්පුවක් ගෙනා විට කුප්පි ලාම්පුවද එළිය දෙන උපකරණ වල වැදගත් කමින් අඩු එකක් බවට පත් වේ. පහන උපමා රූපකයක් ලෙස යොදා ගනිමින් රචකයා ගැඹුරු විවරණයක් ජීවිතය ගැන සිදු කරයි.
පොල්තෙල් පහණ දැන් ඇත්තේ පෙට්ටගම යටය. එනම් කිසිම වැදගැම්මකට නැති තැනක එය ත්බා ඇත. තවදුරටත් එයින් ප්‍රයෝජනද නැත. කොත්තිලාක්කු පහන යනු ආච්චී ය. ඇය මිය ගොස් හො ඔත්පලව සිටිනවා විය හැකියි. මෙතරම් කල සාලයට එළිය ලබා දුන්නේ කුප්පි ලාම්පුවයි. එමෙන්ම මෙතෙක් කල් පවුලට එලිය ලබා දුන්නේ මවයි. නමුත් නව ලේලිය (අලුත් ලාම්පුව) විසින් ඇය කුස්සිය වෙත තල්ලු කර ඇත. එමෙන්ම සියළු දෙනා කතා වන්නේත් මේ අළුත් ලාම්පුව ගැන මිස පරණ ලාම්පු ගැන නොවේ. මේ නැගණිය පෙර පරිදි සිය සොයුරා සමග කල් ගෙවීමට නොහැකියාවෙන් දුක් වන්නීය. එමෙන්ම ඇය පවුලෙන් කොන්වී යාදැයි බියද ඇය සමීපයේ පවතියි. කුප්පි ලාම්පු එළියේ මවගේ දෙපසින් සිට කතා අහන්නට, අඩක් ඉතුරු කළ බත් පතේ රස බලන්නට ආදියට දැන් ඇයට ඉඩක් නැත. එතැන දැන් අයියාගේ බිරිඳ විසින් සොරා ගෙන ඇත.
සරල උදාහරණයක් උපමා රූපකයක් ලෙස භාවිත කරමින් සුවිසල් පණිවුඩයක් දෙන මෙවන් ගී අතිශයින්ම අගය කළ යුතු වන්නේය.