ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක
මා හැර දමා ගිය මියුලැසී
හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුණු රසබර මතක මතු කර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී
හිනැහෙමින් වැළපෙමින් තුටු සිතින් පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැර දමා ගිය මියුලැසී
ගායනය - අසංක ප්‍රියමන්ත
ඔබ මා අතහැර දමා දැන බොහෝ කලෙකි. ඔබට මා ආදරය කළ තරම ඔබ දන්නේ නැත. ඔබ විසින් අතහැර දැමූ මට හෙට දිනක්, පෙර මගක් හෝ අරමුණක් නැත. ඒ ඉසිබුවෙක ඔබ ගීතයක් සේ නොසිතූ මොහොතක, හීනයක් සේ නොසිතූ විරාමෙක පෑදී පැරැණි රස බර මතකයන් සමඟින් දැවටෙන්නේ නම්? අප හිනැහෙමින්, වැළපෙමින් පෙම් පිරූ යුගය අවසන් වී ඇත. නමුත් එහි සළකුණක් ලෙසවත් පුරුදු ඉමිහිරි සිහිනයක් සමඟ පැමිණ මා ළඟ දැවටෙන්න. ඔබ මගේ මියුලැසියයි.
අසංක ප්‍රියමන්ත විසින් බොහෝ කලෙකට පසුව ගයන ලද්දා වූ හෘදයාංගම ගීතයකි. පෙම්වතිය විසින් අතැර දැමනු ලද්දා වු පෙම්වතකුගේ හැඟීම් කදිමට මෙම ගීතය තුළ විස්තර වේ. ඔබ කවර දිනෙක හෝ විරහ වේ වේදනාව විඳ තිබේ ද? ඔබ පෙම්වතිය ඔබට සමු දී තිබේ ද? එය විඳ නැති නම් මේ ගීතය අසන්න. හදවත පුරා විහිදී ගොස් හිත කීරි ගස්වන වේදනාව ඔබට ද යන්තම් හෝ දැනෙනු ඇත.
අසන්න
2 comments:
අහපු ගමන් හිත ඇදුණු ගීතයක්. මේ ගීතයේ අපූර්වත්වය නම් ගීතයටම ගැලපෙන සංගීතයකුත් යොදා තිබීම.
මේ ගීතයේ "හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ" කියන පද පේලිය "හෙට දිනක් පෙර මගක් අරමුණක් ඇති ගෙවෙන දිවියේ" ලෙස වනස් වුනානම් මැනවයි මම කලපනා කරමි. "ඔහුට ඇය අහිමි වූ වග සැබෑය, එනමුත් ඒ මත්තෙහි හැපි හැපි ජීවත් වන්නට කාලයක් දෙදෙනාටම නැත, කාර්යබහුල වූ ජීවිතය අතරේ ඉඳහිට ඔබ පිලිබඳ මතක ඔහුට සිහි වේවා..ඒවා මඳකින් අමතක වේවා... ඒ අතීතය මිහිරකි. ඔවුනට හෙටක් ඇත .අරමුනක් ඇත.ඒ ජීවිතය අතර මිහිරක් දෙන මතකයකි ඇය."
Post a Comment