මාලිනියේ (ඉන්ද්‍රජාලය)
මා මනසේ (අන්ධකාරය)
මා දෑස සොයනා (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ (නොරැවටෙන්)
මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය)
මම ඇය අත ගනිමී
(ඉතින් එය ඔය තරම් සොඳුරු ද)
පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමී
(වරද නොබැඳෙන ළඳුන් ලොව නැත)
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
පෙරුම් පුරා ආදරය කරන පෙම්වතිය කෙබඳු තැනැත්තියක් ද? ඇය මුළු හදින් ම විශ්වාස කළ යුතු ද? නැතිනම් ඇය මා රවටනවා ද? බොහෝ දෙනෙකුගේ හිත තුළ ඇති වන්නා වූ මෙම සංකීර්ණ හැඟීම් සුනිල් ආරියරත්නයන් විසින් ගීයකට නැඟුණේ ඉහත අයුරිනි. සිතක් තුළ ඇති වන්නා වු සැක සහගත හැඟීම් මෙම ගීතය තුල මනාවට පිළිබිඹු වේ.
මා මනසේ (අන්ධකාරය)
මා දෑස සොයනා (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ (නොරැවටෙන්)
මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය)
මම ඇය අත ගනිමී
(ඉතින් එය ඔය තරම් සොඳුරු ද)
පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමී
(වරද නොබැඳෙන ළඳුන් ලොව නැත)
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
පෙරුම් පුරා ආදරය කරන පෙම්වතිය කෙබඳු තැනැත්තියක් ද? ඇය මුළු හදින් ම විශ්වාස කළ යුතු ද? නැතිනම් ඇය මා රවටනවා ද? බොහෝ දෙනෙකුගේ හිත තුළ ඇති වන්නා වූ මෙම සංකීර්ණ හැඟීම් සුනිල් ආරියරත්නයන් විසින් ගීයකට නැඟුණේ ඉහත අයුරිනි. සිතක් තුළ ඇති වන්නා වු සැක සහගත හැඟීම් මෙම ගීතය තුල මනාවට පිළිබිඹු වේ.
මාලිනියට කතාකරන විට සිත තුළින් ඇසෙන්නේ ඒ ඉන්ද්රජාලයක් සේ නැතිවී යා හැකි බවත්, මනසේ අන්ධකාරය ඉන් පසු මැවෙන බවත් ය. මා දෑස සොයන රුව ඈ වුවත් නොරැවටෙන ලෙස සිත තුළින් නැවත ඇසේ. එබඳු කාන්තාවක් සමග අතිනත ගන්නා නුඹ අමන (මෝඩ) තරුණයෙකි. අවසන අතිනත ගැනීම එතරම් සොඳුරු වන්නේ ද නැත. මෙම අරුම පුදුම පතිවත රකිනා කුල කුමරිය නුඹට රකින්නට ද නොහැකිය. මන් ද වරද නොබැඳෙන ළඳුන් ලොව නැති හෙයිනි.
මෙලස සිත තුළ මැවෙන කෙළවරක් නැති වාදයක් (obsessive rumination) තුළට අසන්නා මෙම ගීතයෙන් රැගෙන යයි. නාද මාලාවට උචිතම ස්වරයකින් ගයන වික්ටර් රත්නායකයන් මෙම ගීය අමුතුම මිහිරක් ගෙන එයි. ශරීය ලාංකික ගීත ඉතිහාසයේ පළමු වරට සජීවි සංගීතය නොමැතිව, සංගීත පථයකට (track) ගීතයක් ලෙස ගැයුණේ මෙම ගීතයයි.
3 comments:
මෙම ගීතය එකල පර්යේෂණ ගීතයක් දෝයි සිතෙයි, පද වැල් හි ආකෘතිකමය වෙනස, සංගීතයේ තිබණු ආකෘතිකමය,මේ වෙනස එකල නම් මට හිතාගත නොහැක. සියලු බැමි බිද හෙලූ ගිතයක් වැනි..!!
ඔව් මේක පරීක්ෂණ ගීතයක් තමයි.
මේකෙ පළමුව කියන කොටස මුලින් පටිගත කරල තියෙනවා. දෙවනුව කලින් පටිගත කරපු කොටසත් පසුව ගායනා කරන කොටසත් ප්රදානය විදියට යොදල පටිගත කරල තමයි මේ ගීතය නිම කරල තියෙන්නෙ. අද තාක්ෂණය එදා නෑ නේ. අද නම් මේක වැඩක්ද කියල වැඩ දන්න අයට හිතෙනව ඇති. ඒ කාලෙ අඩු පහසුකම් මැද මේ වගේ නැවුම් නිර්මාණයක් කිරීම ගැන අපි අගය කරන්න සග සතුටු වෙන්න ඕන.
අනිත් එක මහාචාර්ය සුනිල් එදිරිසිංහයන්ට මේ ගීතයේ පද ලියන්න හේතුවෙලා තියෙන්නෙ එක්තරා චිත්‍රපටියක දර්ශණයක්. ඒකෙ තිබිලා තියෙන්නෙ නළුවා තමන්ගෙ හෙවණැල්ලත් එක්ක සංවාදයක යෙදෙන දර්ශණයක්. ගීතයේ පසුව කියන කොටස සෙවණැල්ලේ කතා කරනවා වගේ තමයි ලියල තියෙන්නෙ.
මේ තොරතුරු මම දැනගත්තෙ වික්ටර් රත්නායක මහතා සහභාගී වූ ගුවන් විදුලි සාකච්ඡාවකින්.
@ thiraya , ස්තුතියි ගී හා ලබැදි වංශ කතා ගෙන හැර මුසු කලාට,
@ මිගාර, ස්තුතිය, මේ ගෙන යන කර්තව්‍යයට,,,
Post a Comment