යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුනාවේ
දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ
සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ
සිහළ ගීයේ රන්වන් යුගය වූයේ 70 දශකය බව කලින් සඳහන් කර ඇත්තෙමි. අමරදේව, වික්ටර්, සුනිල්, නන්දා මාලිනි වැනි ශාස්ත්‍රීය ගායකයන් ශ්‍රාවක සවන් පත් සන්හාලන කලෙකදී , සරල ගී ගායකයකු ලෙස ඔහු ගුවන් විදුලිය හරහා දොරට වැඩියේය. ශ්‍රී ලංකාවට කැසට් පට සංස්කෘතිය මුලින්ම හඳුන්වා දුන්නේත් ඔහුය. 70 දශකය විසින් බිහි කරන ලද තවත අපූරු භාව ප්‍රකාශකයකු වූයේ මෙම මිනිසාය. ඒ කවරෙකුත් නොව මිල්ටන් මල්ලවාරච්චිය. විරහ ගීතයන් තුලින් දහස් ගණන් හදවත් ප්‍රකම්පිත කිරීමට ඔහු සමත් වූයේය. මේ ඔහුගේ එම අපූරු හැකියාව දක්වන එක් නිදසුනක් පමණක් වන්නේය.
ඇය වෙනුවෙන් පෙර දාක ගයන ලද ගී නැවත කිසිදිනෙක ඇය සවනේ නොවැකෙනු ඇත. ඒ ගීයන් සුළඟේ මිලින වී යනු ඇත. සඳ කිරණ පවා, සැඩ හිරු කිරණ (ගත දවන) අයුරින් සිත දවයි. මඳ පවනෙහි ද සිසිලක් නැත්තේමය. ඇගේ සුවඳ උදය හවා මතකයට නැගේ. ඒ සමග නෙත තෙත් වීමත් සිදු වේ. ඇයගේ (නෙළුමකට සමාන) තොල් පෙති අතරේ රැඳී ඇත්තේ වෙනෙකෙකුගේ නම බැවිනි. එනම් ඇය ඔහුට අහිමි වී ඇති බැවිනි.
මිල්ටන් ජීවත් වූයේ අප නිවසට මීටර 750 පමණ දුරිනි. ඉඳ හිට ඔහුගේ නිවසට යාමට මටද අවස්තාව ලැබී ඇත. මිල්ටන් නම් මේ අපූරු මිනිසා සජීවීව ගයනු දැකීමට තරම් මම වාසනාවන්ත වීමි. මිල්ටන් ගේ මේ අපූරු විරහ ගී ගැයීමෙ හැකියාව ඔහු ජීවිත්යේ ප්‍රථම ප්‍රේමය පැරදීම නිසා හටගත් එකකැයි ඇතැම් විචාරකයෝ කියති. පන්ති පරතරය නිසා වෙන් කෙරෙනු ඔවුන් ගේ පෙමෙහි අමරණීය මතක සටහන් ලෙස මේ ගීත සැලකේ. ජෝතිපාල ගැයුවේ හින්දි අනුකාරක ගීය. නමුත් මිල්ටන් ගැයුවේ ස්වතන්ත්‍ර තනුය. ලංකාවේ සරල සුගම තනු බිහිවීමට මහත් මෙහෙයක් මිල්ටන් ගෙන් සිදු වූ බව ඔහු ගී දෙස බලන විට පෙනේ. මේ ගීය අසා බලන්න. විරහවෙන් මඩ්නා ලද ඔහු චිත්ත සන්තානයේ වේදනාවන් පද වැල් හරහා කෙතරම් අපූරුවට ඔහු අපට පවසන්නේද?
අසන්න