Saturday, September 5, 2009

සලාම් කියා ගෙන

සලාම් කියා ගෙන ගෙට එන
ළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ

ඔවුහු ආගමේත්, සංස්කෘතියේත් ෆර්දාවෙන් වැසී සිටින්නාහ. පීඩාකාරී පුරුෂ මූලික සමාජයකින් පෙළෙන්නා වූ ඔවුහු තම පැතුම් හා හැඟුම් හිස පළඳනාවෙන් සඟවා ලෝකයේන් සැඟවෙති. තම සංස්කෘතියට අනුගත වූවන් හැර වෙනත් අය ඇසුර ලැබීමට ඔවුනට අවස්ථාවක් නැත. එනමුදු, මෙවැනි ජාති, ආගම් හා කුල භේද පුපුරා සුණු විසුණු වී යන අවස්ථා ද නැත්තේ නොවේ. තරඟකාරී සමජා රටාව තුළ එයට අනුගත වෙමින් ”නාගරිකයන්” වන පිරිසක් අපට කොළඹ පුරවරයේ දී හමුවේ. එබඳු තැනෙකදී හමු වූ සුන්දර මුස්ලිම් තරුණියක මෙම ගීයට නිමිති වී ඇත.

"සලාම්" (ආයුබෝවන්") කියමින් ගෙට ඇතුළු වන්නේ පිරිමි පක්ෂයේ උදවියය. නමුත් නාගරීකරණය වූ සමාජයෙහි අය "සලාම්" කියමින් රචකයාගේ හද දොරින් ඇතුළු වේ. නමුත් ඇගේ ආදරයත්, ළසෝ ගින්නත් ෆර්දාවෙන් වැසී ඇත. ඈ ඇඳ ඇති වලාකුළු සළුවෙන් ඇගේ මුහුණ නමැති අඩ සඳ වැසී ඇත. මෙහිදී වලාකුළු සම කරනුයේ ඈ හැඳි හිජාබයට හෝ බර්කාව ට(සම්ප‍්‍රදායික මුස්ලිම් කාන්තා ඇඳුම්) යි. එයින් ඇගේ ආදරයේ රන් දොරටුවේ වටිනාම මැණික ද වැසී ඇත. ඒ විඳින්නා වූ වේදනා නිසා ඇය හට සිනා වීමටද මතක නැති වී ඇත. රචකයා හා සමීප වීමේ දී ඈ හට (දුකින් වුවද) ඇගේ සංස්කීතිය අමතකව යයි. කුරානයේ අක්ෂර පද දෑසට හමු නොවන්නේ දැයි රචකයා ප‍්‍රශ්න කර සිටිනුයේ එබැවිනි. එසේ අමතක කරන්නට සූදානම් නම් පහන් තරුව සොයා යන්නට (ඈතට පලා යන්නට) රචකයා ඇයට ඇරැයුම් කරයි.

ගයන්නන් වාලේ ගීත ගායනා කරන තරුණ ගායකයන්ට, ගීත තෝරා ගැනීම ගැන මුල් පොත ලෙස සමන් ජයනාත් හැඳින්විය හැකියග වැදගත් ගමනක් හෙමෙන් හා ස්ථිරසාරව යාමට ඔහු උත්සාහ දරයි. මෙම ගීතය එම ගමනේ එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. මුළු ගීතය පුරාවටම දිස්වන කාරණයක් වනුයේ ඔහුගේ කට හඩෙහි පෞරුෂයයි. අරාබි සංගීතයට නෑකම් කියන සංගීත ශෛලියකින් ගීතය හැඩව ඇත.

සමන් ජයනාත් වෘත්තියෙන් සෙවණගල සීනි කම්හලේ විධායක ඉංජිනේරු වරයෙකි. එබඳු පාළු නිසල පරිසරයක අරුම රැගත් ”තණ මල් විල මල් ගෝමර” වැන ගීතත්, කොළඹ මාළිගාවත්තේ ජනාකීර්ණ නිවාස පේළියක සිදුවන සිද්ධියක් අළලා ලියැවුනු මෙම ගීතයේත් භාවයන් අතර ගායකයා දෝලනය වන අයුරු ඔහුගේ නිසග හැකියාවට ලියන ලද අටුවාවක් වැන්න.

ගම ගැන ලියැවුණු ගීත බොහෝය. ඇත්තටම එය මෝස්තරක් වන තරමටම බහුලය. කොළඹත් එහි තදාසන්න නගර වලත් වූ දස ලක්ෂ එකහමාරක හෝ දෙකක දනන්ගේ සිතිවිලි කවියට හෝ ගීයට නැගුනේ වී නම් ඒ ඉතා කලාතුරකිනි. මේ එබඳු විරල, සුභාවිත ප‍්‍රයත්නයක් ලෙස හැඳින්වීම යුක්ති යුක්තය.

අසන්න
.
.
.

6 comments:

Fathima Hafsa said...

ෆර්දාව මුසිලිම් සමාජය කාන්තාවට බලෙන් අන්දවන ලද ඇදුමක් වශයෙන් ස්ලකයි- නමුත් එය පලදින කාන්තාවන් එසේ සිතන්නෙ නැත. එය පලදීමට බලදරයන් බාධා කල විට එයට විරුද්දව උසාවි ගිය කාන්තාවන් කොතෙකුත් ඇත- එය පැල්දීමට අවසර් නොදුන්විට තම රැකියාවන් අතහැ ගිය මුස්ලිම් කාන්තා වෛද්‍යවරයන්- ගනකාධිවරියන් ඇත
ෆර්දාව වෙනුවෙන් සටන් කල මුස්ලිම් කාන්තාවක්ගෙ කාතාවක් මෙ.
http://www.news.com.au/heraldsun/story/0,21985,25827628-662,00.html?from=public_rss

තම සංස්කෘතියට අනුගත වූවන් හැර වෙනත් අය ඇසුර ලැබීමට ඔවුනට අවස්ථාවක් නැත.-
මෙය සම්පුර්නයෙන් වැරදියි- කොතරම් මුස්ලිම් කාන්තාවන් මුස්ලිම් නොවන කාන්තාවන් සමග ඇසුරු කරයිද- මුස්ලිම් සහා මුස්ලිම් නොවන අසියාතික කාන්තාවන් බටහිර කාන්තාවන් මෙන් නොදන්න පිරිම(ිමුස්ලිම් හො මුස්ලිම් නොවන) වැඩ් ගනුදෙනුවක් නොකරයි එහි එහි වරදක් මම දකින්නෙ නැත

මංශ අනුබව නොකරන පුද්ගලයකුට අනුබව කිරීමට බල කල නොහැක- එය එම පුද්ගලය තොරාගත් ජිවන ක්‍රමයයි එසේ කිරීමට ඔහුට හෝ ඇයට අයිතියක් ඇත- මුස්ලිම් කාන්තාවන්ට වැඩියෙන් මානව අයිතීන් වලට බල්පෑම් සිදුවී ඇත්තේ ෆර්දාව නුරුස්සන පුද්ගලයන් ෆර්දාව ගැල්වීමට කරන තර්ජන් නිසාය- එම නිසා පාසැල් නොයන මුස්ලිම් ගැහැනු ලමයි ඇත- රැකියා අහිමි කරගත් කාන්තාවන් ඇත- මැනකදී පවුල් සෞකය සෙවිකාවන් වශයෙන් තොරා ගත් පිරිසෙන්(in Baticoloa) ෆර්දාව පලදින අයදුම්කරුවන්ට එය ගැල්වීමට නියොග කෙරිනි- සමහරුන් ෆර්දාව ගලවා පුහුනුව ගිය අතර බහුතරය සෙවය අතහැර දමා ගියා...

මිගාර said...

@ ෆාතිමා

ලාංකික මුස්ලිම් සමාජයයේ බර්කාව වැඩිපුර අඳින්නේ නැගෙනහිර පළාතේ පමණි. ත්‍රස්තවාදී තර්ජන නිසා බර්කාව අඳීම බොහෝ දුරට අඩු විය. හිජාබ් අඳුමද කොලඹදී දැකිය හැක්කේ වයසක මුස්ලිම් කාන්තාවන් අතරය. එක්සෙල් වර්ල්ඩ් එකට ගොස් බැලුවොත්, ඉහල සමාජයේ මුස්ලිම් තරුණියන් ෆර්දාවට පමණක් සීමාවී ඇති බව පෙනෙණු ඇත.

වහලා කලක් යන විට තම වහල බැමි වලට ආදරය කරයි. මුස්ලිම් කාන්තා අඳුම සම්බන්ධයෙන්ද එසේමය. ශරියා නීතිය අනුව හිජාබ් හැඳ නොසිටින කාන්තාවකට පුරුෂයකුට විරුද්ධව තමාට අතවර කල බවටවත් චෝදනා කළ නොහැක. එබැවින් මුස්ලිම් කාන්තාවන්ට හිජාබයෙන් හෝ බර්කාවෙන් මිදීමට නොහැකි ඇයිද යන්න පැහැදිලි වනු ඇත.

TG said...

මිගාර ඔබේ ගී රස විනිස ඉතාම ප්‍රශංසනීය ප්‍රයත්නයක්.පොඩි යෝජනාවක් තියෙනවා. නාට්‍ය හා චිත්‍රපට ගීත වෙනුවෙන් වෙනම ගොනුවක් වෙන්කරලා ගී රස විනිසට ලිව්වොත් කොහොමද ?

ඒ එක්කම පුලුවනිනම් මෑත යුගයේ (වසර 2000 න් පස්සෙ ) බිහිවුන අර්ථපූර්ණ ගීත් විමසුමට ලක්කරන්න.

ඔබට ජය

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchi said...

I dont know why you mention the day time job of the singer at all. Is that important?

The singer probably worked at Pelawatta in late 80s to early 90s.

This reference is outdated.

This song is about 18 years old.

Assiraj Thabligi said...

@FAATHIMA agreed !! ඕකේ වැදගත් කම දන්නේ නැති එක්කෙනා කවදාවත් හිජාබය ගැන වැරදියට හිතන්නේ නෑ..කස්ටියම මේක පොඩ්ඩකට බැලුවොත් හොදයි නේද..
http://i45.tinypic.com/10ridtg.jpg

http://i46.tinypic.com/2qcmsyf.jpg

As i get ready to go into the outside world
I look in the mirror
What do i see?
My beauty
Then i slip on the hijab
why?
I cover my outer beauty
So you take a look at my inner beauty
I step into the cruel and unjust society
of this “free” country
i look at avoiding eyes and stares
i hear whispering from every side
i think to myself “i am not here to please everyone”
i am here to please Allah
then i hold my head with the hijab high

චතුරංග said...

මුස්ලිම් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ නීති දාන්න දාන්න නීති කඩන්න මිනිස්සු පෙළඹෙන බව. ගෑණුන් වහල තියන එකට වඩා පිරිමි ගෑණු දැක්ක ගමන් මෝල් වෙලා අණින්න යන ගතිය අඩු කර ගත්ත නම් මීට වඩා සදාචාරවත් වෙන්නේ නැත්ද? ලිංගික වහලියන් හා ස්ත්‍රීන්ට වඩාත් හොඳ තැනක් දුන්නොත් සදාචාරය දියුණු වෙන්නේ නැත්ද? ස්වර්ගයේ හමුවන හූරිලා ගැන ලිංගික ෆැන්ටසිය හිතින් දරන්, තම බිරිඳ තුලින් හූරි කෙනෙකු පැතීම නතර කර ගත්තොත් නරක නැත්ද?

පිරිමින්ගේ අඩුපාඩු කම් වහන්න ගෑණුන් වහන ක්‍රියාවන්ට අපි විරුද්ධ වෙන්න ඕන. ඒක මිනිස් කමට නිගාවක්. මුස්ලිම් පිරිමියගේ වලත්ත කමට ගෑණුන්ට හිජාබ් අන්දන එක මනුෂ්‍යත්වයට නිගාවක්. අපි ඒ නිසා හිජාබයට විරුද්ධ වෙමු.