Monday, March 15, 2010

පවන් සුසුම්

පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා


පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ 
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න

අභිෂේක යාමේ උදාවේ


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව
පද -  ධර්මසිරි ගමගේ
සිනමා පටය -  තරංගා


සිංහල ගීතයේ ස්වර්ණමය යුගය එළඹියේ 1970 දශකයේ පමණය. ශාස්ත්‍රීය ගායකයන් මෙන්ම සරල ගී ගයක ගායිකාවන්ද මෙකල ඉහළ දක්ෂ කම් දැක්වූහ. මෙම ගීතය ගයන ලද්දේ එවකට ප්‍රවීණ ගායකයකුව සිටි, එනමුත් වැඩිපුර කතා බහට ලක් නොවන චරිතයක් වූ දේවානන්ද වෛද්‍යසේකර ශිල්පියා ය. කැලිප්සෝ සංගීත ධාරාවේ ගමන් කල ඉන්ද්‍රාණි පෙරේරා ඉන් මදකට ඉන් ඉවතට ගෙන ඇගේ කටහඬේ සුමධුරත්වය සරල ගීයකට එක් කිරීමට අමරදේවයන්ට හැකි වී ඇත.

ඇස කොනින් ගලන හැඟුම්, පවන් රැලි වැදී නැටවෙන දිය රැලි හා ශෘංගාර රාවය හා නින්නාද වෙයි. මීමැසි මුවින් නැගෙන රාවයන්, ලඳුන්ගේ සුසුම් හා එකව ප්‍රසන්න වූ නීල වැව් තීරයේ නාද තරංග නංවයි. පෙම් ගීත වරෂාව,  වැව් තලාවට වැටේ. මනමාලියක් වීමට පැතු පැතුම් සඵලව තිබේ. මල්හාරියන්ගේ පෙම්වතුන් හා තුරුල් ව සිටී. මුව සිප එහි උණුසුම ලැබීමට කාලයද එළඹී ඇත. මන්ද මේ අභිෂේක යාමය බැවිනි. 

මේ ගීතයේ පද ධර්මසිරි ගමගේ ගෙනි. සංගීතය දේවානන්ද වෛද්‍යසේකරයන් සතුය. තරංගා සිනමා පටය වෙනුවෙන් මේ ගීතය නිමැවී ඇත. විවාහයට අවසර ලද හෝ අලුත විවාහ වූ යුවළකගේ උණුසුම් හැඟුම් උණුසුම් අයුරෙන් ගීතය තුලින් කියැවේ. මෙහි තනුව එයටම ගැලපෙන පරිදි ලයාන්විතය. වෛද්‍යසේකරයන් වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර අද ඔහු මහනුවර ප්‍රදේශයේ විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි. ඉන්ද්‍රානි පෙරේරා ශිල්පිණියද දැන් විශ්‍රාම ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. ඇයද පසු ගිය වසර 10 ක් 15 ක් කාලය තුලම කිසිදු නව ගීතයක් හඳුනවා දුන්නේ නැත. නමුත් සිංහල ගීතයේ ස්වර්ණමය යුගයෙන් සිහිවටනයක් ලෙස මේ ගීතය බොහෝ කල් සහෘද සිත් සතන්හි රැඳී පවතිනු ඇත.

9 comments:

විශ්මි said...

ප්‍රේමාන්විත පද පෙලක්... හොඳ වැඩක් ... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල පතනව....

තිස්ස දොඩන්ගොඩ said...

මම ඔබේ රසිකයෙක්... ඔබට සමාන්තරව යන සයිට් එකක් මමත් කරනවා... නමුත් ඔබේ එක තරම් වියත් නැත.... ගීතයක වට පිටාව ගැන මගේ දනුම අල්පය...ඔබ ඒ අඩුව පුරවයි... මා මගේ නිවහනේ ඔබට ඉඩක් වෙන්කර ඇත්තේ එබැවිනි... ඔබට ජය... රස ගී වින්‍යාසයන් නිරතුරු බලාපොරොත්තු වෙමි...

Aravinda said...

නිවැරදි කිරීමක්.....

මගේ මතකයේ හැටියට මේ ගීතය රචනා කළේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් නොවේ. 1975 දී තරංගා චිත්‍රපටය සඳහා මෙය රචනා කළේ ධර්මසිරි ගමගේ ශූරීහු ය. සංගීතය ද දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ නොව W.D අමරදේවයන්ගේ ය. මේ ගීය 2003 හී නිකුත් වූ "ධර්මසිරි ගමගේ ගී සංකල්පනා" ගීත එකතුවේද අන්තර්ගත විය.

මධුර විජයකොන් said...

ඇත්තටම මේ ගීය මගේ ප්‍රියතම ගීත අතර එකක්. දේවානන්ද වෛද්‍යසේකර මහතාට ඇත්තේ අමුතුම තාලයේ හඬක්. මේ සින්දුව අහපු මුල්ම දවසේ මම පුදුම වුණා ඉනද්‍රාණි පෙරේරා මහත්මිය මෙවන් ගීයක් ගායනා කරනව අහලා

මෙන්න ඒ ගීතය රසවිඳින්න

http://www.youtube.com/watch?v=A429IVDsDo4

මිගාර said...

@ අරවින්ද

නිවැරදි කිරීමට තුති. මා මූලාශ්‍රය ලෙස යොදා ගත්තේ www.srilankanlyrics.com නම් අඩවියේ අඩංගු කරුණුයි. නමුත් මා දන්නා තරමට දේවානන්ද වෛද්‍යසේකර යනු සංගීත දැනුමක් නොතිබූ, නමුත් මධුර කටහඬකට උරුම කම් කියූවෙක්. වී. එෆ්. එම්. හි "සිනමා ගී" වැඩසටහනේදි බන්ධුල නානයක්කාරවසම් මහතා සඳහන් කලේ මෙය ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් විසින් ලියවුණු බවක්. නමුත් ඔබ දක්වන කරුණු නිවැරදි බව මට ඉවෙන් මෙන් වැටහෙනවා.

දුකා said...

niyama sinduwak. mama harima aasa sinduwak. tnx meka gana liwwata . . !

TG said...

හරි අපූරි රොමැන්ටික් සින්දුවක් . තරංගා චිත්‍රපටිය .පෙම්වතුන් යුවලක් ගංගක ඔරු පදිමින් යන අතර කියන සින්දුවක් තමයි ච්ත්‍රපටි දර්ශනේ තියෙන්නෙ . රවීන්ද්‍ර රණ්දෙණිය පෙම්වතා .පෙම්වතීගෙ නම මට මතක නෑ.මාලනී ද මන්ද ?

ඉන්ද්‍රානි පෙරෙරා මහත්මිය බොහොම ප්‍රකට කෙනෙක් නෙ සංගීත ලෝකෙ. නමුත් දේවානන්ද මහතත්යත් හරි ලස්සන සින්දු කියල තියෙනවා

ටිකිරි ලියා කලෙත් අරන් ලිඳට ගියා
වාසනාවෙ රිදී පහන අරන් මගේ පැලට එන්න
සතුට විලයි සැපත මලයි

පුලුවන් නම් ඒ ගැනත් ලියන්න

ප/ලි

මගේ නමත් තරංගා .ඒ නිසා ඔය සින්දුවට මම ගොඩක් ආසයි . හි හී

Unknown said...

TG - That was Manel Wanaguru..

Unknown said...
This comment has been removed by the author.