Saturday, October 3, 2009

නාලිනී එන්න

නාලිනී එන්න - මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගි නෙතග - රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන - මල් මධු සමේ සුවඳ
සිත්සේ විඳින්න - නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ - හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ - නුඹට සිහිලක් නොවී
නිල් වන රොදේ නිලෙන - මල් මදහසින් දුලන
මල් වැල් පැණි - පුරන යෞවන වියේ

නුඹ දිරි දැවී තැවෙන - සිත සියුමැලී නොවන
දුටු තැන අනේ කවර - මිහිරක් ලොවේ
පිය රැවු සලා - සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතේ පෙමින් - වතළ සෞමිය මගේ


ගී පද: සමන්ත හේරත්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ


පෙම් ගීත බොහෝ වෙයි. ඒවා බොහොමයක් වාගාලාපයන් පමණකි. කලාතුරකින් අසන්නට ලැබෙන ඇතැම් පෙම් ගීත සිත මිහිරෙන් පුරවා ලයි. "නාලිනී එන්න" එබඳු එක ගීතයකි. සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගයන්නාවූ මේ ගීතය රෝහණ වීරසිංහයන්ගේ සංගීත සරින් හැඩවී ඇත. කවදත් අමුතු ආරෙක ගීත ලියන සමන්ත හේරත් මෙහි ගේය පද රචකයා වෙයි.

මල් පිපීදැයි බලන්නට නාලිනී එන ලෙස රචකයා කියා සිටියි. ඒ කුමකටද යත්, තරුණවියේ වූ ආදරයේ සුවය සිත් සේ විඳ ගන්නටය. මේ පෙම්වතුන් කිරෙන් කා තෙලෙන් අත සෝදන ගණයේ ධනවතුන් නොවේ. ඔවුන්ගේ ජීවිතය හැල්මේ ගලා යන ගංගාවකට සම කෙරේ. එය දුක් දොම්නසින් ගහණය. නාලිනී සියුමැලි යුවතියක්ද නොවේ. ඇය දුක් දරා ඇත්තියකි. එබැවින් ඈ දැකීම හැර අනෙක් සැපයක්ද රචකයාට නැත. නමුත් ඔවුන්ගේ ආදරය වන ගැබ නිල්වන් තුරු වදුලේ නිල්ලේ දිලෙන් පැණි පිරී ගිය මල් වැලකි. ලෝකය නම මහ විසල් විජිතයේ කුරුලු පියාපත් සැලෙන් රාවයද රචකයාට ඇයමය. මේ ගීතය අසන ඕනෑම කෙනෙකුට පළමුව දැනෙනුයේ එහි වූ මධුර තනුවයි. එය සාමන්‍යයෙන් අසන්නට නොලැබෙන ආකාරයේ තනුවකි. ඉන් පසු විෂය වන කාරණය ගායකය ගීතය ගැයීමෙ පෙන්වන දක්ෂතාවයයි. ගීතය නැවතත් අසන්න. ආදරයේ ප්‍රහර්ෂය ඔබට දැනී යා යුතුමය.

බා ගෙන අහන්න

6 comments:

Narada said...

බාගත කර ඇසීමට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිය. දිගටම එසේ කරන්න (හැකිනම්), එවිට ඒ ගීතයට ප්‍රිය කරන්නෙකුට පරිගණකය ‍හෝ අත්තර්ජාලය නොමැතිව වුව ඇසිය හැකි වනු ඇත.

Rapidshare වෙනුවට 4shared හෝ Mediafire භාවිතා කරන්න.

මෙවැන්නක් කිරිම ගැන ස්තුතියි! දිගටම කරගෙන යන්න.

Narada said...

එලෙසම බාෂිත/සරසවි යුනිකේතය වෙනුවට මාලිති හෝ ඉස්කෝල පොතම තිබෙන්නට අරින්න. කියැවීමට අපහසුයි.

මිගාර said...

@ -බිன்ku-

4shared හෝ Mediafire වැනි අඩවි තුළ අදාල දත්ත දින 90කට පසු මකා දැමීම කරනවා. ඒ හින්දා කමා අකැමැත්තනේ වුවත් streamed version එකක් දාන්නෙ. මොකද මේ අඩවිය වසරකට පසු බලන අයෙකුට වුවත් ගීතය ඇසීමට පහසුකද් තිබිය යුතු බැවිනි.

Narada said...

නෑ මිගාර, එසේ මකන්නේ Rapidshare ගණයේ අඩවි වල free ගිණුම් වලින් දමන ඒවාටය. 4shared හා Mediafire වලින් මකන බව මා දන්නෙත් දැන්ය. මා විසින්ද අන් අය විසින්ද ඒ ඒ අඩවිවලට දැමු සින්දු අවුරුද්දකට ආසන්න කාලයකට පසුද බාගත කර ඇත්තෙමි. නමුත් එසේ දිගටම තිබෙන්න ඔබ ඒ ගිණුම දිගටම භාවිතා කිරිම හා ඇතුළු වීම (log in) කළ යුතුවෙයි (නැතහොත් ගිණුම අහෝසි විය හැකි බැවින්).

Narada said...

අනෙක් කාරණය, ඔබේ blogger profile ඒකට යම් avatar එකක් දැමීම යෝග්‍යය.

Anonymous said...

බාගත කර ඇසීමට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිය. දිගටම එසේ කරන්න