අතු අගැ දිලි වන මල්
පිපෙන්නා විඳැ විඳැ
සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල්
දෝතලු තුරු එල් වැල්
එලෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල්
වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්
සිඹැ සිඹැ මී අඹ මල්
උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්
මගෙ පෙම් ගී රසු දැල්
එළන්නේ ඔබ වෙනුයෙන් කැරැ ලොල්
ගායනය හ සංගීතය: ආචාර්ය අමරදේව
පද බැඳුම: මුනිදාස කුමාරතුංග
කුමරතුඟු මුනිදස් සිහල කලා කෙතට පහළ වූ මහ පඬි රුවනකි. අදිරද වාදී අදහස් ඔළුවේ දමාගෙන සිටි බඩ ගැත්තන්ට සිනා වූ එතුමා සකු බසින් තොර වූ එළු බස සොයන්නට මහත් වෙහෙසක් ගත්තෝය. බස් කිහිපයක් වහරන්නට හැකියාවෙක් තිබූ කුමරතුඟුවෝ විප්ලවීය මාවතෙක යමින් සිය සාහිත නිමැවුම් ඉදිරිපත් කළෝය. එනමුදු කුමරතුඟුවන්ගේ ගී රචනා ගී ලෙස ඇසෙන්නේ කලාතුරකිනි. එපමණකුදු නොව, ඔහු විසින් කල් පෙම් ගීයෙක් වේද එය "අතු අග පිපි වන මලට" පමණක්ම සීමා වූයේද වෙයි. එනිසාම, අතු අග පිපි වන මලෙක් වූ මේ ගීය සිහල ගී කෙතෙහි සුවිසල් පිය සටහනෙක් වන්නේය.
කුමරතුඟුවන් මේ ගීය පුරාම යොදන්නේ සුපිරිසිදු එළු බසමැ පමණෙකි. සිහිගිරි කුරුටු ගීයෙහි "නිල් කට් රොල් මල්ක" ආදී වූ පැදියෙහි හැඩ තල ගනිමින් හල් අකුරු විසල් ගණනෙක් සහිතව ගීය ලියැවී ඇත්තේය. අතු අග පිපුණ වන මල් සඳ එළියේ සිහිල ලබමින් පිබිදෙයි. එනමුත් ඔබ දුටු කල්හි මා සිත ඒ මල් පවා පරයමින් විකසිත වන්නෙමය. දෝතලු වැල්, එළ වැල්, තුරු ලිය මත වැවී ඇතත් ඒ කිසිවෙක් අත්වැලක් ලෙස ගත නොහීය. එනමුත් ඔබ මට අත්වැලක් නිසාම් ඔබ හා මා (පෙමින්) වෙලෙන්නෙමි. මී අඹ මල්හි මධු උරන මියැසි කැල ගුම් නද නංවන්නෝය. එනමුත් ඔබ කෙරෙහි ලොල්ව මා සිත නැගෙන පෙම් ගී වැල් වලින් එලෙසින්ම රසු දැල් (සිලි සිලි හඬ නැගෙන වාද්‍ය භාණ්ඩයක්) නැගෙන්නේය.
ගී ලියන්නට සකු බසෙහි රළු පද අනැවැසි බව මොනවට පෙන්වන ගීයකි අතු අග දිලි වන මල. කුමරතුඟුවන්ට පසුව ආ අරිසෙන් අහුබුදුවන් වැනි පද රචකයෝ හෙළ හවුල තව දුරටත් ගෙන ගිය අතර ඔවුනතින් ගී රැසක් ලියැවිණි.
ගීයෙහි සංගීතයද '70 දශකයේ ගීයක යයි සිතිය නොහැකි තරමටම නවීනය. යුගයට වඩා නවීන තනුව හා සංගීත සංයෝජනය නිසාම මේ ගීතය අපූර්ව ගීතයක්ද වෙයි.
බාගෙන අහන්න

3 comments:
මම හිතන්නේ මෙය අරිසෙන් අහුබුදු සූරින්ගෙ ගීයක් බවයි
ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ....
අමරදේව ශුරීන් විසින් ගායනා කරන ලද මෙම ගීතය ගැන විචාරයක් ලබා දෙන මෙන් ඉල්ලමි.මෙය ඉතා විචිත්‍ර වූ ගීතයක් යන්න මගේ හැගීමයි....
මගේ ඉල්ලීමට ඔබේ අවධානය යොමු කරනු මැනවි
අරිසෙන් අහුබුදු සූරින්ගෙ ගීයක්
Post a Comment