Thursday, May 20, 2010

නාරද ඔබට නිවන් සුව!


සිංහල ගීතයේ අමරණීය සිහිවටන රැසක් එක් කළ ගායකයානෙණි, ඔබ 76 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර යයි. නමුත් සදාදරණීය කලාකරුවකු ලෙස ඔබ අප සිත් නම් හැර නොයනු ඇත්තේම ය.

1960 දශකයේ කාර්මික ශිල්පියකු ලෙස ගුවන් විදුලියට එක් වූ ඔබ තුල වූ නිසග කුසලතා හඳුනා ගැනීම වෙනුවෙන් අමරදේවයන්ට අපි තුති පුදමු. ඔහු විසින් තබන ලද විශ්වාසය, මධුර හඬකට පෙරලා අප ගීත කෝකිලාවිය සමග එක්ව, රන් මුතු දූවෙහි ගැයූ "ගලන ගඟකි" ගීය අදද අප සවන් පත් හි රැඳී පවතී. "පිපී පිපී රේනු" නැටූයේ ඔබ හඬටය. මුලු හදින් කළ පෙම දියව ගිය විට ඔබ විසින් ගැයූ ඒ ගීය සමග ඒකාත්මික වූයෙමු. ආදර නිල් දෑස දිහා බලමින් සිටි යුගය සිහිනයක් වූ කල්හි මේ දිය දාය (ලෝකය ) තුල මේ භවයේදී එක් වීමට නොහැකි බව කියූ ඔබ ගී සමග කඳුළු වැල් බෙදා ගත්තෙමු.

ඔබ වෙන්ව යාමෙන් ඇති කල රික්තය මහත්ය. ඔබ තැන ගන්නට යමෙක් නොවීම අප හද දවන කරුණෙකි. එනමුත් ඔබ නාරද ලකුණ අමරණීයව පවතී.

සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!

7 comments:

Narada said...

මගේ නියම නමට අයත් කෙනෙක් වෙලත් ඔහු ගැන නොදැන සිටිම ලැජ්ජාවට කරුණකි! ඇත්තෙන්ම ඔහුගේ ගීත එකක් දෙකක් අසා ඇති බව නම් මතකය.


නාරදයාණෙනි නුඹට නිවන් සුව අත් වේවා!

තිස්ස දොඩන්ගොඩ said...

ඔබත් සමග එක්වී කෙලෙහි ගුණ දක්වමි... මගේ බ්ලොගය පටන් ගත් දා සිට අප අතරින් වියෝවූ ගායකයන් වෙනුවෙන් මගේ බ්ලොගයේ පි‍ටුවක් වෙන්කිරීමට අදහස් කරමි... එහිදී නාරද වෙනුවෙන්, තබන සටහන, ඔබේ සටහන වීමට වගබලා ගන්නම්... ස්තූතියි මිගාර බොහොමත්ම...

පිස්සා පලාමල්ල said...

නිවන් සුව ඔබට...

මම හුඟාක් ආස කරන ගායකයෙක්...

විහඟ ගීතය said...

ගීනඳ ඔබේ ගෙන ආ නිති පහන් සුව
නිවුනද ඈත ගව් ගනනක් සහන් තව
ලෝ දම අනියතයි, බැහ මෙහි ඉදිනු තව
නාරද ඉතින් ඔබහට වේ නිවන් සුව

මිගාර said...

නාරද විසින් ගයපු ගීත බොහොමයක් අද අපිට අහන්නට නෑ. හැකි කෙනෙක්ක් ඉන්නවා නම් නාරද ගේ ගීත එකතුවක් ප්‍රබුද්ධ ශ්‍රාවකයන්ගේ සවන් පත් වෙත ගෙන එන්නට උත්සාහ ගන්නවා නම් අගයමි.

පිළිතැරෙන් දායක වූ සැමට තුති!

NUWAN said...

මේ සටහන දුටුවේ අදයි.නාරද දිසාසේකර අපූර්ව සන්ගීත වේදියානෙනි ,ඔබට නිවන් සුව.

Palm Bay Awnings said...

Thanks for posting thiss